ජීවිතයක් අහිමි කරමින් කළුතර මුස්ලිම් පල්ලිය පාර රත් කළ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට [VIDEO]
අද (28) දින උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන පෙළ මේ වන විට ලැබී තිබෙනවා. කළුතර, මුස්ලිම් පල්ලිය පාර, වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී අද (28) උදෑසන 8.59ට පමණ මෙම වෙඩිතැබීමක් සිදු විය.
ඒ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගෙනයි.
මෝටර් රථයකින් පැමිණ අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව වාර්තා විය.
එසේම වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කළා.
මේ අතර වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළා.
මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්
අඳාළ වීඩියෝ දර්ශන උපුටා දක්වා ඇත,