කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

Report

ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික විපර්යාස, සංකීර්ණ භූදේශපාලනික ආතතීන් මෙන්ම විවිධ රටවල බදු ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ කෝපි මිල මෙතෙක් වාර්තා වූ ඉතිහාසගතම ඉහළම අගය දක්වා වර්ධනය වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම දැඩි මිල ඉහළ යාම හමුවේ ලන්ඩන් නුවර සාමාන්‍ය කෝපි කෝප්පයක මිල බ්‍රිතාන්‍ය පවුම් 5 ක් දක්වාත්, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ එය ඇමෙරිකානු ඩොලර් 9 ක් වැනි ඉහළ මිලක් දක්වාත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ගෝලීය කෝපි සැපයුම අඩාල වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයන් වන වියට්නාමයට බලපෑ දැඩි නියඟය හා දරුණු ටයිෆූන් චණ්ඩ මාරුතය නිසා 'රොබස්ටා' කෝපි අස්වැන්න සීමා වීමත්, බ්‍රසීලයට බලපෑ අකාලයේ සිදු වූ දැඩි හිම පතනය හේතුවෙන් 'ඇරබිකා' කෝපි අස්වැන්න විශාල ලෙස විනාශ වීමත්ය.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වියට්නාමය, ඉන්දුනීසියාව සහ බ්‍රසීලය වැනි ප්‍රධාන අපනයන රටවලින් ඇමෙරිකාවට ආනයනය කරනු ලබන කෝපි සඳහා අධික බදු පැනවීමට මීට පෙර පියවර ගෙන තිබුණි.

මේ හේතුවෙන් ඇමෙරිකාව තුළ කෝපි මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, පසුව පාරිභෝගිකයන්ගෙන් එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ එම බදු පැනවීම් වහාම ඉවත් කරගැනීමට ධවල මන්දිරයට සිදුවිය.

මීට අමතරව, වනාන්තර විනාශ කරමින් සිදුකරන කෝපි වගාවන්ගෙන් ලබාගන්නා නිෂ්පාදන යුරෝපයට ඇතුළු කිරීම තහනම් කරමින් යුරෝපා සංගමය විසින් පනවන ලද දැඩි නව නීතිරීති හේතුවෙන් ද සමස්ත කෝපි නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත්, වර්තමාන ලෝකයේ නව ප්‍රවණතාවක් ලෙස තරුණ පරපුර Cold Brews සහ Matcha වැනි නවීන මෙන්ම මිල අධික පාන වර්ගවලට වැඩි වශයෙන් යොමුවීම කැපී පෙනේ.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

එසේම චීනයේ Luckin Coffee වැනි දැවැන්ත සමාගම් තාක්ෂණික ස්මාර්ට් ඇප් හරහා කෝපි අලෙවි කිරීමේ ක්‍රමවේද දියුණු කිරීම නිසා ගෝලීය වශයෙන් කෝපි සඳහා පවතින සාමාන්‍ය ඉල්ලුම කිසිසේත්ම අඩු වී නොමැත.

පවතින සැපයුම් දාම බිඳවැටීම් මධ්‍යයේ වුවද, මිල කොතෙක් ඉහළ ගියත් ලෝකවාසී කෝපි ලෝලීන්ගේ පරිභෝජන රටාව සහ ඉල්ලුම නොවෙනස්ව පවතින බැවින් ඉදිරි කාලයේදීත් ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ඉහළ මට්ටමකම පවතිනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැලිකඩ OIC ට අල්ලස් ගන්න තවත් කාන්තාවක් උදවු කරලා - පොලීසිය අධිකරණයට කියයි

වැලිකඩ OIC ට අල්ලස් ගන්න තවත් කාන්තාවක් උදවු කරලා - පොලීසිය අධිකරණයට කියයි