ශ්‍රී ලංකා - ජර්මානු ව්‍යාපාරික සමුළුව ඇරඹෙයි - ජර්මානු ආයෝජකයන්ට අගමැතිනියගෙන් විශේෂ ආරාධනාවක් [PHOTOS]

Report

අද (මැයි 28) කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටලයේදී පැවති ‘ශ්‍රී ලාංකීය-ජර්මානු ව්‍යාපාරික සමුළුව 2026’ හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙ බව සදහන් කළාය.

ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත මණ්ඩලය සහ කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේ සහයෝගයෙන් දින තුනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ මූලික අරමුණ, සමුද්‍රීය සහ සැපයුම් දාම ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව විදේශීය ආයෝජන සඳහා ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමයි.

'

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සංචාරක, වෙළඳ, ආයෝජන, තාක්ෂණ හුවමාරු සහ සංවර්ධන සහයෝගීතාවය යන ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරිත්වය අතිශය වැදගත් බව පැවසුවාය.

විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව, පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික පරිවර්තනය සඳහා ජර්මනිය ලබාදෙන දායකත්වය අග්‍රාමිත්‍යතුමිය ඇගයීමට ලක් කළාය.

වැලිකඩ OIC ට අල්ලස් ගන්න තවත් කාන්තාවක් උදවු කරලා - පොලීසිය අධිකරණයට කියයි

වැලිකඩ OIC ට අල්ලස් ගන්න තවත් කාන්තාවක් උදවු කරලා - පොලීසිය අධිකරණයට කියයි

ශ්‍රී ලංකාව මේ වන විට සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ වඩාත් තරගකාරි ආර්ථික ආකෘතියක් ගොඩනැගීම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක නිරතව සිටින බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

රජය විසින් මූල්‍ය ඒකාබද්ධතාවය, ව්‍යුහාත්මක ගැලපීම් සහ යහආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මෙම ක්‍රියාවලියේදී කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් කෙරෙහි ඇතිවිය හැකි සමාජ බලපෑම් පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කරන බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික පිහිටීම, නිපුණ ශ්‍රම බලකාය සහ වැඩිදියුණු වෙමින් පවතින ආයෝජන පරිසරය තුළින් ජර්මානු ව්‍යාපාරික ප්‍රජාවට ශ්‍රී ලංකාව සමඟ නව හවුල්කාරිත්වයන් ඇති කරගන්නා ලෙස ද අග්‍රාමාත්‍යතුමිය ඇරයුම් කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්  AHK ශ්‍රී ලංකාවෙහි ප්‍රධාන නියෝජිත මාර්ටින් ක්ලෝස් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව සිටියහ.

GalleryGalleryGalleryGallery