මුළු ලංකාවටම වලංගු වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් - හේතුව මෙන්න

Report

දිවයිනේ විදුලි බල සැපයීම සම්බන්ධ සියලුම සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගෑස් සැපයීම හෝ බෙදාහැරීම මෙන්ම රෝහල්, සායන, බෙහෙත් ශාලා සහ පොදු මගී හෝ භාණ්ඩ ප්‍රවාහන සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති විශේෂ විධායක බලතලවලට අනුකූලව මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

ඉදිරි පැය 36 සඳහා මුළු ලංකාවටම වලංගු නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා මුළු ලංකාවටම වලංගු නිවේදනයක්

මෑතකදී දිවයිනට දැඩි ලෙස බලපෑ 'දිට්වා' සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් ඇතිවූ පසු ආපදා වාතාවරණය සැලකිල්ලට ගනිමින්, මෙරට සාමාන්‍ය ජනජිවිතය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මෙම තීරණය ගෙන ඇත.

අදාළ ප්‍රමුඛ පෙළේ මහජන සේවාවන් සැපයීමේදී කිසියම් හෝ පාර්ශ්වයකින් අවහිරයක්, ප්‍රමාදයක් හෝ බාධාවක් සිදුවීමට ඇති ඉඩකඩ වැළැක්වීමේ අරමුණින්, ගැසට් නිවේදනයේ උපලේඛනගත කර ඇති සියලුම සේවාවන් මෙලෙස අත්‍යාවශ්‍ය මහජන සේවාවන් බවට ජනාධිපතිවරයා විසින් නියම කර තිබේ.

විදුලි බලය සැපයීම සම්බන්ධව සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදන,

ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම රෝහල්වල, සාත්තු නිවාසවල,

බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා,

වැඩ හෝ ශ්‍රමය මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා

මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන්තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගීන් ගමනාගමන සේවා,

සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන්

ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදාහැරීම සම්බන්ධ සියලු සේවාවන්

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්,

වැඩ හෝ ශ්‍රම දායකත්වය. ගිලන්රථ සේවාවන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කාණු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය, (අසූචි ගෙන යාම හා බැහැර කිරීම ඇතුළුව) කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මගින් කරගෙන යනු ලබන යම් කාර්යභාරයක් සහ පළාත් පාලන ආයතන මගින් සිදු කරන සියලුම සේවාවන් වාරිමාර්ග සම්බන්ධ සියලු සේවාවන්

දුරකථන, විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවාවන් පහත් බිම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධ සියලුම සේවාවන් කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සම්බන්ධ සියලු සේවාවන්.

මෙයට අයත් වේ.