ඉදිකිරීම් කර්මාන්තයට යෝජනා 13ක්.
Ranil Wickremesinghe
Sri Lanka
By Hashini
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද පවසන්නේ ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මඟහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13ක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි.
අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු හයක් ජනාධිපතිවරයා මිට පෙර ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර තිබෙනවා.
එම කමිටු මඟින් යෝජනා කැඳවීමේදී ඊට යෝජනා 50ක් ඉදිරිපත්ව තිබු බව වාර්තා වනවා.
ජනාධිපතිවරයාගේ අවධානය සඳහා යොමු කර ඇත්තේ, ඒ අතරින් කඩිනම් යෝජනා 13කි.
ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2024 අයවැය මඟින් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.
