දේවස්ථානයක තෙරපීමකින් බැතිමතුන් 12ක් ජිවිතක්ෂයට.(ඉන්දියා)

Kovil Indian World news Indu kashmeer
By Aruna Jan 01, 2022 06:13 AM GMT
Aruna

Aruna

Report

 නව අවුරුදු උදාවේ දෙවියන් නමැදීමට ජම්මු කාශ්මීරයේ මාතා විෂ්ණෝදේවි දේවස්ථානයට පැමිණි බැතිමතුන් අතර සිදු වූ තෙරපීමකින්, පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් 14 දෙනෙකු එහි දී තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

ජම්මු කාශ්මීරයේ ටිර්කුටා කඳුකරයේ පිහිටි මෙම දේවස්ථානයට නව අවුරුදු උදාවේ දෙවියන් නැමදීමට බැතිමතුන් විශාල පිරිසක් පැමිණ ඇති අතර, ඇතැමුන් ඒ සඳහා අවසර ලබාගෙන නො මැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ අතර පොලීසිය සඳහන් කළේ, ජිවිතාරක්ෂක මෙහෙයුම කඩිනමින් ක්‍රියාත්මක කළ අතර, රෝහල්ගත කෙරුණු ඇතැම් පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now