මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය අයට සිදු වූ දේ..

By Sewvandhi Dec 19, 2021 11:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයින් 12 දෙනෙකු ඊයේ (දෙසැ.18) අත්අඩංගුවට ගෙන ඇතැයි හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. අප වාර්තාකරු සඳහන් කළේ, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක සිදු කළ හදිසි පරීක්ෂා කිරීම්වලදී අදාළ තරුණයින් 12 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

හැටන් පොලිසියේ සුනඛ අංශයේ සහය ඇතිව මෙම සැකකරුවන් 12 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් එක් සැකකරුවෙකු සන්තකයේ හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10 තිබූ බව ත් අනෙක් සැකකරුවන් සතුව කේරළ ගංජා තිබූ බව ත් වැටලීම සිදු කළ හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් අවරුදු 20-30 වයස් කාණ්ඩවල පසුවන අනුරාධපුර, රාගම සහ කොළඹ පදිංචිකරුවන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now