රේගු භාරයට ගත් කෝටි 12ක රත්‍රං තොගය.

Report

අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ ඩුබායි සිට ගුවන් යානා දෙකකින්.

කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයා ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ අද අලුයම 01.10 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ.- 569 දරන ගුවන් යානයෙන්ය.

මීට අමතරව ඩුබායි සිට අද අලුයම 05.25 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL.- 226 දරන ගුවන් යානයෙන් තවත් එක් කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් පිරිසක් වන අතර මොවුන් සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

රේගු නිලධාරීන් විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ සිය සිරුරු වල සහ ඔවුන් රැගෙන ආ අත් බෑගයන් තුළ මෙම කිලෝ ග්‍රෑම් 06 ක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සඟවා ගෙන සිටියදී.

ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා .  

රේගු භාරයට ගත් කෝටි 12ක රත්‍රං තොගය. | 12 Crore Worth Of Gold Seized By Customs රේගු භාරයට ගත් කෝටි 12ක රත්‍රං තොගය. | 12 Crore Worth Of Gold Seized By Customs