පැය 48ක් තුළ පුද්ගල අතුරුදන්වීම් 11ක්.

Police spokesman Missing Persons Sri Lanka
By Hashini Oct 05, 2023 03:43 AM GMT
Hashini

Hashini

Report

ගතවූ පැය 48 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පුද්ගල අතුරුදන්වීම් 11ක් වාර්තා වී තිබෙනවා.

පොලිස් මූලස්ථානය පවසන්නේ බාල වයස්කරුවන් පස්දෙනෙකු ඇතුළු අතුරුදන්වීම් එකොළහක් පිළිබඳ පැමිණිලි ලැබී ඇති බවයි.

අතුරුගිරිය ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක වැඩ විසූ දාහතර හා පහළොව වයස්වල පසුවන මෙහෙණින් වහන්සේලා දෙනමක් ද මේ අතර වනවා.

පසුගිය 3 වනදා සිට බිබිල ප්‍රදේශයේ බාලිකා නිවාසයක රඳවා සිටි දහසය වියැති දැරියන් දෙදෙනකුත් අතුරුදන්වී තිබෙනවා.

දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ පාසලක එකොලොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ  ඔවුන් යලි බාලිකා නිවාසය වෙත නොපැමිණීම නිසා එහි පාලිකාව බිබිල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර වැලිමඩ අම්බේගමුව ප්‍රදේශයේ 14 වියැති පාසල් සිසුවෙක්ද අතුරුදන් වී තිබෙනවා.

ඌව පරණගම පොලිසියට ඒ පිලිබඳ සිසුවාගේ දෙමව්පියන්  පැමිණිලි කර තිබෙනවා.

අතුරුදන් වූ අනෙක් පුද්ගලයන් අතර 23 හැවිරිදි පේරාදෙණිය පාර, බෝයගම පදිංචි හෝටල් සේවකයෙකු, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි රියැදුරකු, 63 හැවිරිදි කන්තලේ පුද්ගලයෙකු, එරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු ද වනවා.

එසේම 25 හැවිරිදි යාපනය සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි අයකු සහ 19 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ තරුණියකද මෙම අතුරුදන් පිරිසට අයත් වනවා.  

ReeCha