ලාදුරු වැළඳුනු ළමයින් 105ක්.
Sri Lanka
National Health Service
By Hashini
ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසන්නේ වසරේ ගත වූ කාලය තුල ලාදුරු රෝගය වැළඳුනු ළමයින් 105 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බවයි.
ඔහු සඳහන් කළේ ලාදුරු රෝගය වැළඳුනු ළමයින් අවුරුදු 14ට අඩු බවයි.
කොළඹ ජාතික රෝහලේ කාමර අංක 12හි මධ්‍යම ලාදුරු සායනය නමින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ලාදුරු රෝගීන්ට පැමිණ ප්‍රතිකාර ලබා ගත හැකි සායනයක් පවත්වා ගෙන යනු ලබනවා.
ලාදුරු මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර වැඩිදුරටත් සඳහන් කළේ සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 4 දක්වාත් සෙනසුරාදා පෙරවරු 8 සිට දහවල් 12 දක්වාත් එම සායනයට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්තාව පවතින බවයි.
