බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් ගැන භයානක හෙළිදරව්වක් - ඇග කිළිපොලා යන ඇත්තක් මෙන්න
වසරේ මේ දක්වා සිදු කරන ලද පරීක්ෂණවලදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් සියයට 10 ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
ජාතික ප්‍රවාහන අධිකාරියේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පැවසුවේ බස්නාහිර, දකුණ, වයඹ සහ සබරගමුව පළාත් ආවරණය වන පරිදි මෙම පරීක්ෂණ සිදු කළ බවයි.
බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කර ගනිමින් මේ දක්වා පරීක්ෂණ 7,602 ක් පවත්වා ඇත. පවත්වන ලද පරීක්ෂණවලින් සියයට 5 ත් 10 ත් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව සොයාගෙන ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම පරීක්ෂණ මත්ද්‍රව්‍ය වර්ග හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද බවත්, පරීක්ෂා කරන ලද පුද්ගලයින්ගෙන් එක් අයෙකු මෙම මත්ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් භාවිතා කර ඇති බවත් තහවුරු වූ බව වාර්තා වේ.