විෂ දුමක් නිසා 10ක් රෝහලේ.

Nuwara Eliya Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Oct 20, 2023 06:00 AM GMT
Hashini

Hashini

Report

 තලවකැලේ ප්‍රදේශයේ කාන්තාවන් 09ක් සහ පිරිමි පුද්ගලයෙක් දුමාරයක් ආඝ්‍රාණ වීමෙන් රෝහල් ගත කර තිබෙනවා.

තලවකැලේ නගරයේ පිහිටි රෙදිපිළි සහ විසිතුරු භාණ්ඩ වෙළඳ සැලක සේවකයින් පිරිසක් විෂ දුමාරයක් ආඝ්‍රාණය වීමෙන් ප්‍රතිකාර සඳහා තලවකැලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම ප්‍රදේශයේ අවුරුදු 20ත් 22ත් අතරේ පසුවන්නන් මෙලෙස රෝහල්ගත කර තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇති අවස්තාවක වෙළෙඳසැලේ විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුව එම විදුලි ජනක යන්ත්‍රයෙන් නිකුත් වූ දුමාරයක් එලෙස ආයතනයේ සේවකයන්ට විෂ වී ඇති බවයි.


ReeCha