දිස්ත්‍රික්ක 10කට වැස්සෙන් පීඩා.

Gampaha Hambantota Sri Lanka TN Weather Weather
By Hashini Oct 04, 2023 03:21 AM GMT
Hashini

Hashini

Report

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 25,863ක් පීඩාවට පත්ව සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ එම පුද්ගලයන් දිස්ත්‍රික්ක 10කට අයත් බවයි.

රත්නපුර,කෑගල්ල,ගම්පහ,මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල සහ යාපනය යන දිස්ත්‍රික්ක වල පදිංචි පවුල් 6,250කට අයත් පුද්ගලයන් මෙලෙස පීඩාවට පත්ව තිබෙනවා.

ගම්පහ අධික වර්ෂාපතනය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇති දිස්ත්‍රික්කය වනවා.

ගතවූ පය 24ක කාලය තුළ මිලිමීටර් 72ක් පමණ වූ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදත් (04) දිවයිනේ බස්නාහිර,දකුණු,සබරගමුව,වයඹ,මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75කට අධික වර්ශාපතනයක් අපේක්‍ෂා කල හැකි බවයි. 

ReeCha