ඉන්දියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථ 10ක් එකට ගැටෙයි - 13ක් මරුට

By Shehan Dec 16, 2025 11:10 AM GMT
Report

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි මතුරා දිස්ත්‍රික්කයේ යමුනා අධිවේගී මාර්ගයේ (දිල්ලි-අග්‍රා) සිදුවූ බහු රථ ගැටුමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් තුවාලකරුවන් 25-35 අතර පිරිසක් රෝහල්ගත වී තිබේ.

අද අලුයම ආසන්න වේලාවක ඝන මීදුම නිසා දෘෂ්‍යතාව අඩුවීමෙන් බස් රථ 7-8ක් සහ මෝටර් රථ 3ක් එකිනෙක ගැටී ඇති අතර, ඉන් පසු රථ කිහිපයකට ගින්නක් හටගෙන තිබේ. මියගිය බොහෝ දෙනා ගින්නෙන් චර්මගත වී මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවූයේ මයිල්ස්ටෝන් 127 ආසන්නයේ අග්‍රා-නොයිඩා මාර්ගයේ බව පොලිසිය පවසයි. ගිනි නිවන රථ 11ක් යොදවා ගින්න මැඩපැයූ අතර, මුදවාගැනීම් කටයුටු අවසන් අදියරේ පවතී.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ උත්තර ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත් මහතා මියගිය අයගේ පවුල්වලට සංවේගය පළ කර තිබේ.

සජිත් වෙනම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් ඉල්ලයි

සජිත් වෙනම ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් ඉල්ලයි

වනිඳු ලක්නව් කණ්ඩායම මිලදී ගනියි

වනිඳු ලක්නව් කණ්ඩායම මිලදී ගනියි