ඩෙවින් හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවට දැඩි බලපෑම් , ගුවන්ගමන් 1,581ක් අවලංගු‍‍යි

Report

ඩෙවින් හිම කුණාටුව හේතුවෙන් අමෙරිකාවට බලපෑම් සිදුව තිබේ.

ඒ අනුව මෙම කුණාටුව හේතුවෙන් එරට ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර හා ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි .

ලොව විශාලතම ගුවන්ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන 'FlightAware' ගුවන් සේවා නිරීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කර ඇති පරිදි අමෙරිකා වේලාවෙන් ප.ව. 4 වනවිට එරට තුළ හා ඉන් පිටතට ගුවන්ගමන් 1,581ක් අවලංගු කර ඇති බව වාර්තා වේ .

ඒ වගේම තවත් ගුවන්ගමන් 6,883ක් ප්‍රමාද වී තිබේ .

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවක් හෙට

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවක් හෙට

මේ අතර නිව්යෝර්ක් නගරයේ ඊයේ (26) රාත්‍රියේ මිලිමීටර් 250 (අඟල් 10) දක්වා හිම පතනයකට ඇති වී ඇත.

 එය වසර හතරකින් එම ප්‍රදේශයට බලපෑ වැඩිම හිමපතනය විය.

ඒ අනුව මේ වනවිට මිලියන 40කට වැඩි පිරිසක් ශීත කුණාටු අනතුරු ඇඟවීම් හෝ කාලගුණ උපදේශන යටතේ සිටින  බව  වාර්තා වේ

එමෙන්ම කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන 30ක ජනතාවක් ගංවතුර හෝ කුණාටු ආරක්ෂාව යටතේ සිටී. 

මෙන්න මේ අයට ආපදා හේතුවෙන් මුළුතැන්ගෙයි උපකරණ වලට 50,000 දීමනාව ලැබිලා , ඔබටත් ලැබුණද?

මෙන්න මේ අයට ආපදා හේතුවෙන් මුළුතැන්ගෙයි උපකරණ වලට 50,000 දීමනාව ලැබිලා , ඔබටත් ලැබුණද?