පොලිස් භාරයට ගත් සැක සහිත යතුරුපැදි 8..
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
එංජින් ධාරිතාවය ඉහළ අගයක ඇති යතුරුපැදි 08ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ මෙහෙයුමකදී මෙම යතුරුපැදි සොයාගෙන තිබෙනවා.
බොරලැස්ගමුව පොලිස් වසමේ රත්තනපිටිය ප්‍රදේශයේ ආයතනයක් තුළ තිබී ඒවා සොයාගෙන තිබේ.
මෙම යතුරුපැදි සඳහා ව්‍යාජ බවට සැක කෙරෙන ලියකියවිලි ඉදිරිපත් කර තිබෙන බවට පොලීසියට ඇතිවූ සැකය මත ඉදිරි පොලිස් විමර්ශන සිදුකෙරෙයි.
ඉන් යතුරුපැදි දෙකට කිසිදු ලේඛනයක් නොමැති බවද හෙළිවී ඇත. අද (25) දින සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
