සරසවි සිසුවියකට තරුණයින් 06ක් හිරිහැර කරලා - වහාම ක්‍රියාත්මක වුණ තරුණිය එවලේ කළ දෙය..

Report

තරුණයන් 06 දෙනෙකු පොලීසිය විසින් හැටන් දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සරසවි සිසුවියකට තරුණයින් 06ක් හිරිහැර කරලා - වහාම ක්‍රියාත්මක වුණ තරුණිය එවලේ කළ දෙය.. | 06 Youths Arrested At Hatton

ඒ විශ්වවිද්‍යාල සිසුවියකට හිරිහැර සිදුකළ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ගමන් කළ මෙම තරුණයන් 06 දෙනා එම දුම්රියේම ගමන් ගත් විශ්වවිද්‍යාල තරුණියකට අවස්ථා කිහිපයක දී හිරිහැර වන ආකාරයෙන් දුම්රිය තුළ හැසිරී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදාළ තරුණිය විසින් සිය දෙමව්පියන් දැනුවත් කර තිබෙනවා.

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)


පසුව හැටන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර ඒ අනුව එම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හැටන් දුම්රිය ස්ථානයේ දී අදාළ තරුණයන් 06 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එම තරුණයින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

සා.පෙළ ලියා ගෙදර ආ දැරියක් මගදී වෑන් එකකට බලෙන්ම දාගෙන.. වෙනස්ම විදිහේ තොරතුරු රැසක් එළියට..

සා.පෙළ ලියා ගෙදර ආ දැරියක් මගදී වෑන් එකකට බලෙන්ම දාගෙන.. වෙනස්ම විදිහේ තොරතුරු රැසක් එළියට..


කෙසේ වෙතත්, සැකකාර තරුණයන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව අද (18) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් විය.