සා.පෙළ ලියා ගෙදර ආ දැරියක් මගදී වෑන් එකකට බලෙන්ම දාගෙන.. වෙනස්ම විදිහේ තොරතුරු රැසක් එළියට..

Report

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගැනීමට උත්සාහ කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වීය.

සා.පෙළ ලියා ගෙදර ආ දැරියක් මගදී වෑන් එකකට බලෙන්ම දාගෙන.. වෙනස්ම විදිහේ තොරතුරු රැසක් එළියට.. | An Attempt To Kidnap A Schoolgirl

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයින් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් එම පැහැර ගැනීම සම්බන්ධයෙන් ක්ෂණිකව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරකට අනුවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලීසිය වෑන් රථය සහ එම පිරිස පැයක් තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සිව්දෙනා අතර සිටින එක් අයෙකු මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න.

සා.පෙළ විද්‍යා පේපරයට නිදහස් ලකුණු ලැබෙන්නෙ මෙහෙමයි.. ඉංග්‍රීසි පේපරය ගැනත් තීරණයක් මෙන්න.


නමුත් විවාහකයෙකු බව අණාවරණය වී තිබෙනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු හමුදා සෙබළෙකු වන එම සැකකරු සිය මිතුරන් සමග වෑන් රථයක් කුලියට ගෙන මෙම පාසල් සිසුවිය පැහැරගැනීම සඳහා පැමිණ ඇත.

ඔහු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු වන අතර මෙම පාසල් සිසුවියගේ සොහොයුරෙකුගේ නිවසට සැකකාර තරුණයා අවස්ථා කිහිපයකදී පැමිණ තිබෙනවා.

ඉන් පසුව මෙම ප්‍රේම සම්බන්ධතාවය ඇති වී තිබෙන අතර සැකකරු විවාහක අයෙකු බවට අනාවරණය වීමත් සමග මෙම සිසුවිය ඔහුව අතහැර තිබෙනවා. 

එහිදී සැකකරුගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් සිසුවියගේ මව්පියන් ඇයව මෙලෙස කුළුගම්මන ප්‍රදේශයේ නිවසක නතරකර ඇත.

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..

වැඩි වැටුප් සහිත රට රැකියාවකට යන්න ඔයාටත් සුපිරි අවස්ථාවක් මෙන්න..


එහි සිට ඇය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට යළි නිවස බලා යමින් සිටියදී මෙලෙස සිසුවිය පැහැරගෙන ගොස් ඇත්තේ.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අලදෙණිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.