නව නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කිරීමට සැරසෙයි.

By Hashini Oct 27, 2023 03:21 AM GMT
Report

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසන්නේ කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බවයි.

ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට 'මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙම ව්‍යාපෘතිය සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් ආරම්භ වන බවද අමාත්‍යවරයා පැවැසුවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ චීන රජය වෙතින් මිට අදාළ එකඟතාවන් ජනපති රනිල් වික්‍රමසිංහ ලබාගෙන ඇති අතර, 2024 වසරට අදාළ නව අයවැයත් සමඟ අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.