උදේන්ම ජනතාවට සුබම සුබ ආරංචියක් මෙන්න - අහින්සක හීනයක් මල්ඵල ගැන් වෙයි..
කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කිරිමට නියමිතයි.
ඒ බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
ඊයේ (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම ව්‍යාපෘතිය සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් ආරම්භ වේ.
එමෙන්ම චීන රජය වෙතින් මීට අදාළ එකඟතාවයන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති 2024 වසරට අදාළ නව අයවැය හිමි වීමත් සමඟ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.