නිවසකින් එකම පවුලේ 4කගේ සිරුරු හමුවෙයි.

Sri Lanka Police Sri Lanka
By Wayomi Mar 07, 2023 09:14 AM GMT
Wayomi

Wayomi

Report

අද උදැසන වවුනියාව,ගුඩ්ෂඩ් වීදිය ප්‍රදේශයේ නිවසකින් දෙමාපියන්ගේ හා දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ඒ, අසල්වැසියන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරක් මතයි.

අදාළ මරණයන්ට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර පියා සියදිවි නසාගෙන ඇති ආකාරයක් මුලිකව නිරීක්ෂණය පෙනීගොස් තිබෙනවා.

පියා වසස අවුරුදු 41 ක පුද්ගලයෙකු වන බවත්,මව අවුරුදු 36 ක කාන්තාවක් වන අතර, මියගිය ගැහැණු දරුවන් දෙදෙනා වයස අවුරුදු 09 ක් හා වයස අවුරුදු 03 ක් වන බව සඳහන්.

දරු දෙදෙනාගේ මළ සිරුරු නිවසේ පුටු දෙකක් මත දක්න ලැබෙන අතර, බිරිඳගේ මළ සිරුර නිවසේ නිදන කාමරයක තිබී සොයා ගෙන තිබුණා.

මළ සිරුරු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිතයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW