"කිඹුලා” යළිත් ජනාධිපති ධුරයට..

By krishani Aug 27, 2023 02:16 PM GMT
krishani

krishani

Report

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන්  දෙවන වරටත් ජය ගැනීමට හිටපු ජනාධිපති එමර්සන් ම්නග්වා සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ඡන්ද ප්‍රතිශතය සියයට 52.6 ක් ලබා ගනිමින් ය.

80 හැවිරිදි එමර්සන් ම්නග්වාගේ දැඩි පාලනය හේතුවෙන් සිම්බාබ්වේ ජනතාව ඔහු “කිඹුලා” යන අන්වර්ථ නාමයෙන් ද ඔහුව හඳුන්වයි.

2017 වසරේ දී හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනාධිපති රොබට් මුගාබේ ඉවත් කළ දින සිට මේ දක්වා එමර්සන් ම්නග්වා එරට හමුදා ප්‍රධානියා මෙන්ම ජනාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

සිම්බාබ්වේ රාජ්‍යය ගැටුම් මෙන්ම දරිද්‍රතාවයෙන් සහ ඉහළ උද්ධමනයක් වාර්තා වන රාජ්‍යයකී.

එවන් පසුබිමක් තුළ පැවති මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් මෙන්ම එරට විපක්ෂය ද සඳහන් කර තිබෙනවා.

ReeCha