චීනයෙන් මෙරටට කළ යෝජනාව ..
යුවාන් වෑන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණීම පමා කරන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජය මෙරට ඉහල පෙලේ නිලධාරීන් මට්ටමේ සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් එම ඉල්ලීම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අභ්‍යාවකාශ සහ චන්ද්‍රිකා ග්‍රාහක නවීන තාක්ෂණික මෙවලම්වලින් සමන්විත යුවාන් වෑන්ග් - 5 නෞකාව මෙම මස 11 වනදා සිට 17 වනදා දක්වා හම්බන්තොට වරායේ නැන්ගුරම් දැමීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත් එම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් විරෝධය පල ඉන්දීය බලධාරීන් පැවසුවේ එමගින් ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන්නේ නම් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවයි. මෙම තත්ත්වය හමුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාල නෞකාවේ ගමන පමා කරන ලෙස චීනයට දැනුම්දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මෙලෙස අදහස් පල කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |