අද සිට රට පුරා යූරියා පොහොර බෙදාහැරීමට පියවර ගනී..
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09) සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යාංශය පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රජයට අයත් පොහොර සමාගම් වෙත මේ වන විට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවයි.
ඒ අනුව අද සිට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිතව ඇත.
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
ඊට අමතරව ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ, වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් දී ඇති බවයි.
