දැන් නම් තනියම ඉඳලම එපා වෙලා ඉන්නේ ඒත් බඳින්න කලින් ඔක්කොම කරගත්තහම කසාද ජිවිතේ කිසි ජොලියක් නෑ. (PHOTOS)
යුරේනි නොෂිකා කියන්නේ රංගන ශිල්පිනියක්,නිරුපිකාවක් වගේම දක්ෂ නිවේදිකාවක්.කොළඹ වැස්ලියන් විදුහලෙන් ඉගෙනුම ලැබූ ඇය කලාවට එක් වීමට පෙර නීති ක්ෂේස්ත්‍රය හා සම්බන්ද රැකියාවකට කැමැත්තෙන් සිට තිබෙනවා.මුලින්ම 2006 වසරේදී ටීවී දෙරණ විසින් සංවිධානය කරනු ලැබූ
“මොඩ්ල්ස් ඔෆ් ද නිව් ජෙනරේෂන් යන තරඟය ජයග්‍රහණය කිරීම නිසා යුරේනි, ටුවරිසම් වර්ල්ඩ් තරඟය තුල, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.ඉන්පසුව වෙළඳ දැන්වීම් කිහිපයකටම ඇය දායකත්වය ලබා දෙනවා. ඇය රංගනයෙන් දායක වූ මුල්ම ටෙලි නිර්මාණය වන්නේ ‘කිඳුරන්ගනා’ ටෙලි සිත්තමයි.
ඉන්පසුව සඳසාක්කි, අයාල්, පිංගලදනව්ව වැනි ටෙලිනාට්යයන්හීද ඇය චරිත නිරූපණය කර තිබෙනවා.ඇය සිනමාවට එක් වන්නේ ‘නිනෝ ලයිව්’ චිත්‍රපටිය හරහායි.ඉන්පසුව සිරස ටීවී විසින් සංවිධානය කරන ලද සිරස ඩාන්සිං ස්ටාර් රියැලිටි වැඩසටහනේ තරඟකාරියක ලෙස සහ 2012 මිස් ශ්‍රී ලංකා ඔන්ලයින් තරඟයේ විනිශ්චයකාරියක ලෙසද කටයුතු කර තිබෙනවා
ඒ වගේම පසුගිය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ කතා බහට ලක් වුන කෙනෙක් තමයි යුරේනි කියන්නේ. ඇය ඇතැම් විට රංගන ශිල්පිනියක්, තවත් විටෙක නිවේදිකාවක්, සහ නිරූපන ශිල්පිනියක් ලෙසත් හදුන්වන්න පුළුවන්. එපමණක් නොවෙයි ඇය ගායිකාවක්. වැඩි දෙනෙක් නොදන්නවා වුනාට ඇය ඇයගේම ගීතයක් පවා නිර්මාණය කළා.
සුරූපී සුන්දර රූ සපුවක් හිමි ඇයය නර්තනයටත් දක්ෂයි.අවසනාවන්ත ලෙස කුඩා කාලයේදීම මව්පිය සෙනෙහස අහිමිව හැදී වැඩුණු ඇය තවමත් ජිවත් වන්නේ තනිවමයි. මේ වෙද්දී ඇය ලංකාවේ පළමු පෙලේ ඉන්න නිරුපිකාවක් කියලා අපි කවුරුත් හොදින් දන්නවා. ඒ වගේම ඇය මුළු රටම දන්නා චරිතයක්.ඇයගේ විලාසිතා නිසාම ඇය සමාජයේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. කොටට අදින නිසාත් ඇග පෙනෙන්න අදින නිසාත් ඇයව විවේචනය කාරනවා. ඒ වගේම තරුණියන් අතර හුගාක් ආදරයට පත් කෙනෙක්.
ඒ කෙසේ වුවත් යුරේනි කියන්නේ හිත හොද තරුණියක්. ඇය ඉතමත් නිහතමානී තරුණියක්. ඇය නම් කියන්නේ තවමත් ඇයට ආදරය කරන කෙනෙක් මුණ නොගැසුණ බවයි. ඉතින් එහෙම කෙනෙක් ලැබෙන්න කියලා ඇය දෙවියන්ගෙන් ඉල්ලනවාලු. ඒ වගේම ඇයටත් දැන් තනියෙන් ඉඳලා එපා වෙලාලු ඉන්නේ. ඒ වගේම මේ ලෝකේ කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැහැ කියලත් ඇය කියනවා.
ඒ නිසා ඇය ආදරය කරන්න සර්ව සම්පූර්ණ කෙනෙක් හොයන්නේ නැහැලු. ඉතින් අවංකව වැඩ කරන තව කෙනෙක්ට ගරු කළ හැකි පුද්ගලයෙක් තමයිලු ඇය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වගේම කම්මැලිකමෙන් ජීවත් වෙන කෙනෙක් නම් ඇයට ගැළපෙන්නේ නැහැලු. ඉතින් ඇයත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් විදියේ කෙනෙක් ඇයට ලැබෙන්න කියලා ඇය දෙවියන්ගෙන් ඉල්ලනවා කියලයි ඇය පවසන්නේ.


