විහගගේ ජීවිතයම අහිමි කළ දුරකථන ඇමතුම

Report

පොළොන්නරුව - මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 41 කණුව ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

යතුරුපැදිය පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පොලීසිය සදහන් කළේ මෙම අදාළ තරුණයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.

වසර 7 ක් ගිහිල්ලත් පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉටුවී නැහැ පාස්කු දින සජිත්ගෙන් චෝදනා

වසර 7 ක් ගිහිල්ලත් පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට යුක්තිය ඉටුවී නැහැ පාස්කු දින සජිත්ගෙන් චෝදනා

 පැදිකරු සමග තවත් පුද්ගලයෙක් යතුරුපැදියේ ගමන් කර ඇති අතර මෙම අනතුරින් ඔහුට තුවාල සිදුව නොමැති බවද සඳහන් වේ .

අදාළ තරුණයා යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී පැමිණි දුරකතන ඇමතුමකට පිළිතුරු දීම සඳහා ජංගම දුරකතනය ගැනීමට යාමේදී යතුරුපැදිය පාරෙන් ඉවතට පැන ගසක වැදී ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ පල්ලේගම සිරිපුර පදිංචි විහඟ පාලිත ජයලත් නැමැති 23 හැවිරිදි තරුණයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකන්ඩිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.