කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - හෙට අවදානම් දිනයක්

Report

හෙට (06) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද යන පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ද ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය "අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට දිනය සඳහා වලංගු වන පරිදි මෙම විශේෂ නිවේදනය නිකුත් කර තිබේ.

Q.R සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ

Q.R සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - හෙට සිට ක්‍රියාත්මක වේ

මෙම තත්ත්වය යටතේ අදාළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු අතර, අධික උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

විශේෂයෙන් එළිමහනේ සේවය කරන පිරිස් සහ කුඩා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වේ.

දැකලා පුරුදු සඳට වඩා මේක වෙනස් - සදේ නොදුටු පැත්ත ගැන Artemis II මෙහෙයුමෙන් අනාවරණයක්

දැකලා පුරුදු සඳට වඩා මේක වෙනස් - සදේ නොදුටු පැත්ත ගැන Artemis II මෙහෙයුමෙන් අනාවරණයක්