කොරියන් පන්තියට යන්න ගිය ඉසුරුට අත්වුන අවාසනාවන්ත ඉරණම

Report

නාවලපිටිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ උලපනේ පදිංචිව සිටි ඉසුරු රත්නායක නැමති 22 හැවිරිදි තරුණයෙකි.

මියගිය තරුණයා නාවලපිටිය නගරයේ පැවැත්වෙන කොරියන් භාෂාව උගවන්වන උපකාරක පන්තියකට සහභාගි වීම සදහා යමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබේ.

මෙම තරුණයාට අධික වේගයෙන් ගමන් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ටිපර් රථයේ රියදුරා නාවලපිටිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය  වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.