විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙක් මරුට

Report

කැප්පෙටිපොල ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලිසිය පැවසුවේ නිවසක් තුළ දී අදාළ පුද්ගලයාට විදුලිසැර වැදී ඇති අතර ඔහු වැලිමඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

ලොකු ගින්නක් - මැර පිරිසක් ගහලා ගිනි තියලා කට්ටියක් පිච්චිලා රෝහලේ

අද රාත්‍රී 11.30 වෙනකම් අනතුරු නිවේදන නිකුත් කරයි

අද රාත්‍රී 11.30 වෙනකම් අනතුරු නිවේදන නිකුත් කරයි