ඔබේ මිදුලේත් ස්වරූපය මේ වගේද...වාස්තූ විද්‍යාවට අනුව ඔබේ ජීවිතයත් අහිමි කළ හැකි මිදුලේ ගති ලක්ෂණ..

Astrology Latest Headlines
By Sewvandhi Feb 05, 2025 04:44 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිවසක මිදුල ලෙස විග්‍රහ කළ හැක්කේ නිවසේ ඉදිරිපස ප්‍රධාන දොර හා නිවසේ ඉදිරි මුහුණත අවට ප්‍රදේශය යි. නිවසක මිදුල ඉතාම ක්‍රමවත්ව අතුපතු ගා සිත් ගන්නා ලෙස සකස් කර ගැනීම ඉතාම සුබයි. විශේෂයෙන්ම ගෙමිදුලටත් ගෙවත්තටත් හොඳින් සූර්යාලෝකය පතිත විය යුතුයි. එවිට ගෙවත්තේ විෂබීජ රැඳීම අවම වේ.

එසේම ගෙවත්තේ ඇති සෙසු වටිනා ශාකත් විශේෂයෙන්ම මල් ගසුත් හොඳින් සූර්යාලෝකය ලැබීම මත නිසියාකාරව වර්ධනය වේ. ජ්‍යොතිෂ්‍යයට අනුව, ඔබේ ගෙමිදුලේ ඇති යම් - යම් දෑ නිසා ඔබේ නිවසේ ජීවත් වන්නන්ට මාරාන්තික දෝෂ පවා ඇතිවිය හැකියි. එවැනි දෝෂ මොනවාදැයි අපි විමසා බලමු :-

නිවසක මිදුල චිත්තාකර්ෂණීය ලෙස නිර්මාණය කර ගැනීමේදී ගෙමිදුලේ තැන - තැන කුණු ගොඩවල්, දිරාපත්වන කොළ ගොඩවල්, ගල් ගොඩවල්, පස් ගොඩවල්, වැලි ගොඩවල්, ලී දඬු ගොඩවල් මෙන්ම කැට කැබිලිති ආදිය නොවිය යුතුයි. එවැනි දෑ නිවස ඉදිරිපිට තිබීම අසුබ සේ සැලකේ.

* මිදුල මඩවීම මෙන්ම මිදුලේ වැසි ජලය රඳා පැවතීමත්, උල්දිය ගැලීම් වැනි ස්වභාවික තත්ත්ව පැවතීමත්, නිතර සෝදාපාලුවට ලක්වීමත් ඉතාම අසුබයි. විශේෂයෙන් ම ඉඩමේ උතුරු දිශාවට හෝ සුබ දිශාවකට වැසි ජලය ගලා යන සේ මිදුලේ ආතතිය සකසා ගත යුතුයි.

* කිසිදු විටක මිදුලේ මැද පහත් වීමත්, කෙළවරවල් උස්ව පැවතීමත් ගෙමිදුල වළ ගොඩැලි සහිත රැලි ආකාර වීමත් අසුබ සේ සැලකේ. කිසිදු විටක ගෙමිදුල අක්‍රමවත් හැඩ නොවිය යුතුය. චතුරස්‍රාකාර වීම ඉතාම යහපත් ය. යම් ලෙසකට මිදුලේ හැඩය අක්‍රමවත් නම් එම අක්‍රමවත් මිදුලේ කොණ් 04 හෝ අංශක 900 ක කෝණයක් ලැබෙන සේ ආසන්නව සකසා ගත යුතුයි. ඉහතදී සඳහන් වූ ලෙසට යම් ලෙසකින් මිදුලක මැද පහත් වීම දුවා දරුවන්ට මාරක අපල ගෙන දෙන බවත්, ඇතැම් විට ඔවුන්ට සැබැවින්ම දිවි අහිමි වන බවත් වාස්තු විද්‍යාවේ සඳහන් වනවා.

* මිදුලට මුහුණලා දැවයෙන් හෝ සිමෙන්තියෙන් සෑදූ කණු පෙළක් වේ නම් ඒවා අධික උස වීම හෝ අධික මිටි වීම නොවිය යුතුය. එනම් මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්ත විය යුතුය.

* මිදුලට කෙළ ගැසීම, විශේෂයෙන්ම බුලත් කෙළ ගැසීම, මළ මුත්‍රා බැහැර කිරීම මෙන්ම ජනෙල් පියන් ග්‍රිල් වැනි දෑ අතරින් හෝ ප්‍රධාන දොරෙන් කෙළ ගැසීම, සෙම් සොටු බැහැර කිරීම ඉතාම අසුබය.

* දර, හනසු ආදී ද්‍රව්‍ය ගබඩා කර තබන මඩු, වාහන ගාල් කර තබන ගරාජ, බලු කූඩු, පරෙයි කූඩු, ගව ගාල්, කුකුල් කූඩු ආදී සතුන් ඇති කරන ස්ථාන නිවසේ ගෙමිදුලේ නොතිබිය යුතුයි. එවැන්නක අවශ්‍යතාවයක් වේ නම් ඒවා නිර්මාණය කරගත යුත්තේ නිවසේ පසෙකිනි. නමුත් කුඩා දර්ශනීය මසුන් සහිත පොකුණු, දිය ඇළි, වතුර මල් ආදිය නිවස ඉදිරිපිට තිබීම සුබ ලෙස වාස්තු විද්‍යාවෙන් හඳුන්වයි.

* නිවසක ගෙමිදුල සේම නිවසට පිවිසෙන මාර්ගය ද කුණු කසලවලින් පිරී, වල් බිහිවූ මාර්ගයක් නොවිය යුතුයි. එය ඉතාම පවිත්‍රව දැකුම්කළුව පවත්වාගැනීම ඉතාම යහපත්ය. තාප්ප, වැටවල් ආදිය වුව ද ක්‍රමවත්ව තිබීම ඉතාම හොඳයි. එනම්, පැළ ඉනි වැටවල් ආදිය කප්පාදු කර නිසිලෙස පවත්වා ගත යුතුය.

* වතුර බට මෙන්ම වැසිකිළි නළ වැනි අප ජලය රැගෙන යන බට ආදිය ගෙමිදුල හරහා නොතිබිය යුතුය. ගෙමිදුලේ කුණු රොඩු පිළිස්සීම ද නොකළ යුත්තකි. ගෙමිදුල මෙන්ම ගෙවත්ත කුඩා පැළෑටි වැවී වල් බිහි වී තිබීමද ඉතාම අසුබය. මෙවැනි අපිරිසිදු තත්ත්ව පැවතීම අනවශ්‍ය සෞඛ්‍ය ගැටලුවලට අත වැනීමකි.

* ගෙමිදුලේ දිරූ ගස්, මැරුණු මල් පැළ ආදිය වේ නම් ඒවා වහා ඉවත් කළ යුතුය. යම් ලෙසකින් හිස් මල් පෝච්චි ආදිය වේ නම් ඒවා නිවස පසෙකින් මුනින් අතට හරවා තැබිය යුතුයි.(උපුටාගැනීමක්)

You may like this video 👇


ReeCha