අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස මෝටර් රථය ධාවනය කරමින් ගමන් කළ තරුණයින්ට වැඩ වරදියි

Driving
By Thaya Apr 14, 2021 03:39 PM GMT
Thaya

Thaya

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිත ලෙස ධාවනය වූ මෝටර් රථයක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් දොර කවුළුවලින් පිටතට පැමිණ දොරවල් මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කර තිබුණි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ දී, අසල ගමන් කළ තවත් රථයකින් එම සිද්ධිය වීඩියෝගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ මෝටර් රථය මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් බවද මේ වනවිට අනාවරණය වී ඇත. එම සිද්ධිය පිළිබඳව ඡායාරූප සහිතව පැමිණිල්ලක් මහාමාර්ග අමාත්‍යාංශය වෙතද ලැබී තිබූ බව මහාමාර්ග අමාත්‍යාංශය පැවසීය. ඒ අනුව අදාළ තරුණයින්ට සහ මෝටර් රථයේ හිමිකරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා අදාළ අංශවලින් ඉල්ලීමක් ද කර තිබුණි.