මෙරට තරුණ මාධ්‍යවේදියෙක් කොවිඩ් හේතුවෙන් මියයයි.

sri lanka Corona virus Covid 19
By Sithumi Sep 03, 2021 11:55 AM GMT
Sithumi

Sithumi

Report

යාපනය දිස්ත්‍රික්කයේ තරුණ මාධ්‍යවේදියෙක් කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වී තිබේ. 26 හැවිරිදි වියේ පසුවූ ප්‍රගාස් ඥානප්‍රගාසම් නම් වූ මාධ්‍යවේදියා එලෙස මියගොස් තිබුණි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ ඔහු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට යොමුවී ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවය. යාපනයේ මාධ්‍යවේදීන් පැවසූවේ පුවත්පත් කිහිපයක හා පෞද්ගලික වෙබ් අඩවි කිහිපයක නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ අසනීප තත්ත්වයක් මත රෝද පුටුවක සිට සිය මාධ්‍ය කටයුතු කර තිබේ.

සැප්තැම්බර් පළමුවැනිදා සිය ටිව්ටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේ, මාංශ පේශි දුර්වලතාවයකින් පෙළුණු තමාට කොවිඩ් එන්නත් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ බවය.

කෙසේ වෙතත්, මෙම මාධ්‍යවේදියාගේ වයස අවුරුදු 26ක් වූ අතර,වයස අවුරුදු 20ත් 30 ත් අතර පසුවන්නන්ට එන්නත්කරණය ආරම්භ වූයේ ඊයේ (02) දිනයේදීය.


________You may like this video________________________

 Apple සමාගම ලෝකයම වෙනස් කරයි _ නව තාක්ෂණ පෙරළිය මෙන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now