කැළයට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදන් වෙයි..කැළය පුරා යුධ හමුදා මෙහෙයුමක්.
සිය මව සමඟ නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයේ දර කැඩිමට ගිය විසි පස් හැවිරිදි තරුණියක් අතුරුදන් වී තිබෙනවා.
අතුරුදන් වූ තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය සහ ඩන්සිනන් වතු යායේ වතු කම්කරුවන් එක් ව අද (06) උදැසන සිට එම රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.
මෙසේ අතුරුදන් වී ඇත්තේ, නුවරඑළිය පොලිස් වසමට අයත් ඩන්සිනන් වතු යායේ පහළ කොටසේ පදිංචි 'කට්පුගදාරණි' නැමති 25 හැවිරිදි තරුණියක්.
ඊයේ දින උදැසන 9යි 30ට පමණ ඩන්සිනන් වතු යායට ඉහළින් පිහිටි ඩන්සිනන් රක්ෂිතයට එම තරුණිය ඇතුල් වූ බවත්, එම අවස්තාවේ අතුරුදන් දියණිය තමන් රක්ෂිතයේ ඉහළට ගොස් දර සොයාගෙන එනතෙක් පහළ රැඳී සිටින ලෙස තමන්ට පවසා, ඇය රක්ෂිතයේ ඉහළ කදු මුදුනට ගිය නමුත් යලිත් ඇය පහළට නො පැමිණි බව යි අතුරුදහන් වු තරුණියගේ මව වන එස්.ගමනෝවනි(58) කියා සිටියේ.
අතුරුදහන් වු දියණිය අපස්මාර රෝගයෙන් පෙලෙන අයෙකු බවත් ඉඳහිට අපස්මාර රෝගය වැළඳී මද වේලාවක් යන විට ඇයට සුව වන බවත් මව සඳහන් කරනවා.
රක්ෂිතයට පිවිසි දියණිය ඊයේ දින පස්වරු 2 පමණ වන තෙක් නො පැමිණි නිසා, තමන් ඒ පිළිබඳ ව නිවසට පැමිණ අසල්වාසින්ට දැනුම් දිමෙන් පසු ඔවුන් ද අතුරුදන් වූ තරුණිය සොයා රක්ෂිතය පුරා මෙහෙයුමක් දියත් කළ බව තරුණියගේ මව පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |