තරුණ යුවලක් මහවැලි ගඟට පනී..පැන්න තරුණයා පසුව කළ දේ මෙන්න(VIDEO)

Police Accident Sri Lanka young-couple-jumps-into-mahaweli-river--
By Aruna Dec 17, 2021 03:25 AM GMT
Aruna

Aruna

Report

මහියංගනයේදී යුවලක් මහවැලියට පනී මහියංගනයේදී යුවලක් මහවැලියට පනී.

මහියංගනය පාලම මතින් පිරිමි පුද්ගලයෙකු සහ තරුණියක් මහවැලි ගඟට පැන තිබේ.

කෙසේ වෙතත් අනතුරුව ගඟට පැන ඇති පිරිමි පුද්ගලයා පිහිනා ගොඩට පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබේ.

අනතුරුව මහියංගනය පොලිසියේ නිලධාරීන් පැමිණ අතුරුදන් වූ තරුණිය සොයා විමර්ශන ආරම්භ කර ඇත.

පොලිසිය පවසන්නේ මෙලෙස අතුරුදන් ව ඇත්තේ රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් බවය.

ඊයේ උදෑසන ඇය උපකාරක පන්තියකට සහභාගී වන බව පවසා නිවසින් පැමිණ ඇත.

සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පැවසුවේ තරුණිය ගඟට පැන්න බවත් ඒ එක්කම පිරිමි පුද්ගලයා ද ගඟට පැන්න බවය.

අදාළ සිදුවීම කැමරාවක පටිගතව තිබුනේ මෙලෙසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
Join now