මෙහෙම ගියොත් ලුණු ඉහ ගෙනවත් කන්න වෙන්නෙ නෑ...ලුණු කිලෝවක් රුපියල් 250...

Sri Lanka Economy of Sri Lanka Wasantha Samarasinghe Sinhala news
By Kaushi Jun 05, 2025 10:24 AM GMT
Kaushi

Kaushi

Report

වෙළද හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් ලුණුවලටත් පාලන මිලක් පනවන බව ප්‍රකාශ කරයි.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

ඒ අනුව ඔහු පවසා ඇත්තේ ලුණු අලෙවියෙන් අසාධාරණ ලාභ ලබාගැනීමට වෙළඳුන් කටයුතු කරන්නේ නම් ලුණු සඳහා ද පාලන මිලක් පැනවීමට සිදු වන බවයි.

අද වන විට ලුණු කිලෝවක් රුපියල් 80ට රැගෙනවිත් 250ට විකුණන්න ඉඩ දිය නොහැකි බවත් ඔහු දක්වයි.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

ඒ අනුව මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

'‘අපි ලුණු ගේන්න දුන්නේ ලුණු හිගය නිසා. අද වෙනකොට අපි දන්නවා ලුණු ලංකාවට රුපියල් 40ක බද්ධක් සහිතව ඉන්දියාව ඉඳන් ඇවිල්ලා ලුණු බාන්නේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 77යි. අපි 80යි කියමුකෝ. එතකොට සාමාන්‍ය තොග වෙදඳාමේදී 10% 15% 20% වඩා ලාබ තියන්නෑ. හැබැයි මේ හිඟය අද ජාවාරම් බවට පත් කරගන්න ආනයනකරුවන් උත්සාහ කරනවා නම් මම ආනායනකරුවන්ටත් දැනුම් දුන්නා එ අයගේ සංගම් වලට දැනුම් දුන්නා මේ වැඩේ කරන්න ලෑස්සි වෙන්න එපා එහෙමත් අපි උපරිම සිල්ලර මිලක් යොදනවා කියල. ලුණු කිලෝ එකක් රුපියල් 80වට ගෙනල්ලා 250ට විකුණන්න ලෑස්සි වෙන්න එපා. රුපියල් 100-120 අතර ලුණු කිලෝ එකක් විකුණ ගත්තහම ඇති. ඒ නිසා මේක මේ හිගය නිසා බඩු ගේන්න දුන්නා මිස ඕගොල්ලන්ට අතිරිකත ලාභ හොයන්න බඩු ගේන්න දුන්නා නෙමෙයි කියන කාරණය අපි ආනයනකනකරුවන්ට ඉතාම තදින් දැනුම් දෙනවා. එහෙම නොවෙනවා නම් මේ සතිය තුළ උපරිම සිල්ලර මිලක් පැනවීම් සඳහා අවශ්‍ය කටයුතු කරන්න අපි මැදිහත් වෙනවා. ලුණු වලින් අමතර ලාභ හොයන්න ලෑස් වෙන්න එපා. සාධාරණ ලාභයක් ලබන්න. හිගය ඔබට අමතර ලාභ ලබන තැනක් බවට පත් කරගන්න එපා කියන කාරණය අපි බොහොම පැහැදිලිව කියනවා’'

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ReeCha