මිලියන 12 ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Law and Order Drugs Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 23, 2025 02:45 PM GMT
Hashini

Hashini

Report

රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාව පැවසුවේ යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්ව සිදුකරන ලද වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවය.

එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු තලවතුගොඩ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර බත්තරමුල්ල සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. 

ලංකාවේ පාස්පෝර්ට් එකෙන් ලොකු පිම්මක්

ලංකාවේ පාස්පෝර්ට් එකෙන් ලොකු පිම්මක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ඔබ යා යුතු තැනට අපි ඔබව යවනවා - නාමල්ගෙන් අනුරට දැඩි ප්‍රහාරයක්

ReeCha