අද උදෑසන CIDයට ආ යෝෂිත රාජපක්ෂ කටඋත්තර ලබාදී පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණීමෙන් අනතුරුව එම දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර, එහිදී ඔහුගෙන් කිසියම් කරුණක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් හෝ තොරතුරු ලබාගැනීම සිදුවී ඇති බව වාර්තා වේ.