බොහෝ දෙනෙක් යෝහානිව අගයන්න ඉදිරිපත් නොවූ වෙලාවක හදවතේ ගායකයා කියූ දේ (PHOTOS)

By Sithumi Sep 30, 2021 05:29 PM GMT
Sithumi

Sithumi

Report

මැණිකේ” ගීතයත් එක්ක ලංකාවේ කෙනෙක් ගැන ලෝකයේ බොහෝ දෙනා කතා කරනව තත්ත්වයක් අද වෙනවිට නිර්මාණය වෙලා තියනවා.

ලංකාවේ ගායකයෙක්ගේ ගීතයක් මේ තරම් ජනප්‍රිය වුණු පළවෙනි වතාව නිසාම දෝ යොහානි ද සිල්වා කියන ගායන ශිල්පිනිය අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක් බවටත් පත් වෙලා තියෙනවා. 

ලෝකෙ වටේම රැල්ලක් වගේ ව්‍යාප්ත වෙලා යන යොහානිගේ “මැනිකේ මගේ හිතේ” ගීතයත් එක්ක ඇයට ලැබුණු ජනප්‍රියත්වය හා සමාන ජනප්‍රියත්වයක් ලංකාව කියන නමටත් ලැබුණා. ලංකාව කියන නම ලෝකේ හතර දිග්භාගයේ කතා කරන රටක් බවට පත්වුණා.

ඉතින් ඉන්දියාවෙන් ආරම්භ වුනු මේ රැල්ල ලෝකයේ බොහෝ ස්ථාන අත්පත් කර ගනීවි. පහුගිය දවසක ඉන්දියාවෙන් යොහානිට ආරාධනාවක් ලැබුණා ඉන්දියාවේ ප්‍රසංග කීපයක් ඉදිරිපත් කරන්නට. ඉතින් ඒ වෙනුවෙන් ඇය ඉන්දීය සමාගමක් වන වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් ආයතනය සමග ගිවිසුම් ගත වුණා. එහි කළමනාකරු තමයි ‘සෝනු ලක්වානි’ කියලා කියන්නේ.

wingman talent management ආයතනයත් සමඟ ගිවිසුම්ගත වන ඇය ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවැත්වීමට සූදානම් වනවා. එක් ප්‍රසංගයත් සැප්තැම්බර් 30 වනදා නවදිල්ලියේ studio XO හිදී වගේම ඔක්තෝම්බර් තුන්වැනිදා හයිද්‍රාබාද් හි හාඩ්කප් අවන්හලේ දී පැවැත්වීමට නියමිතයි. ඉතින් ඉන්දියානුවන් වෙනුවෙන් පවත්වන මේ ප්‍රසංග දෙක සඳහාම ඔවුන් ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ ඔන්ලයින් මාර්ගය හරහා. 

ඉතින් මේ වන විටත් බොහෝ ප්‍රවේශපත් ප්‍රමාණයක් විකිණිලා අවසන් කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉතිං මේ ජනප්‍රියතාවයත් එක්කම මැණිකේ ගීතය ලොව පුරා ප්‍රසිද්ධ වෙන අතරේ පසුගිය දවසක ඇමරිකාවේ කැලිෆෝනියා හි විදියකදී මැණිකේ ගීතය වාදනය කළා කැරොලයිනා නමැති දියණිය විසින්. ඒත් සමගම ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාදිපතිනියත් මැණිකේ ගීතය වෙනුවෙන් සුභ පැතුම් එක් කරලා තිබුණා. 

ඊට අමතරව ලෝකයේ උසම ගොඩනැගිල්ල වන ඩුබායි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේත් මැණිකේ ගීතය වාදනය වුණා. මේසා විශාල ජනප්‍රියත්වයක් ලැබුණු මැණිකේ ගීතය වෙනුවෙන් යොහානිට බොහෝ දෙනා සුබ පැතුම් එකතු කරනවා.ඒ අතර ලංකාවේ ප්‍රසංග වේදිකාව තුළ නොමියෙන නමක් දිනාගෙන තියෙන චාමර වීරසිංහ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ යොහානිට සුබපැතුම් එකතු කරලා තිබුණා.

ඒ ඇය ලංකාව වෙනුවෙන් ලෝකය තුළ නමක් දිනා ගෙන ලංකාවෙ නම ප්‍රචාරය කිරීම නිසාවෙන්. “අපේ රටේ නම ලෝකයේ දස දෙස පතුරමින් මව්බිමට කීර්තියක් අත්කර දුන් ආදරණීය තරුවට හදවතින්ම සුබ පැතුම් යොහානි..ඔබට සුභ අනාගතයක් තෙරුවන් සරණයි.” විදිහට චාමර සුභ පැතුම් එක් කරනු ලබනවා. ඉතින් චාමර වීරසිංහ ගේ සුබපැතුම් එක්කම රසිකයෝ විදියට අපි හැමෝගෙම සුබපැතුම් යොහානිට එකතු කරනු ලබනවා.

GalleryGalleryGalleryGalleryGalleryGallery