"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ලෝකයම හෙල්ලූ යොහානිට දැන් අත්වූ ඉරණම..(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Aruna Feb 11, 2024 07:31 AM GMT
Aruna

Aruna

Report

"මැණිකේ මගේ හිතේ" කියන එකම එක ගීතයෙන් ලෝකයක් හෙල්ලූ යොහානි ද සිල්වා කියන්නෙ සමාජ මාධ්‍යයෙත් කලින් කලට කතාබහට ලක්වන චරිතයක්.

මෑතක දී පිරිමි ලිංගික අවයවයක් ගැන ගීතයකින් ගැයූ වරදට යොහානිට බොහෝ පාර්ශවයන් ගෙන් දැඩි දෝෂාරෝපන එල්ල වුණා. ඒ පිරිස් අතර ප්‍රවීණයන්ද සිටි බව නොරහසක් නොවේ.

යොහානිගේ ඉන්දීය සංචාරය පවා විවේචනය කරපු ඇගේ දක්ෂතාවය පවා හෑල්ලූ කරපු පිරිස් ද නොහිටියා නොවේ.

මැණිකේ මුල් අයිතිකරු නොකියා කියන ඇතැම් ප්‍රකාශ නිසාත් ප්‍රේක්ෂකයින් යොහානි එක්කලා කෝප ගත්තා.

වත්තේ තේ හදන්න කියලා තමයි එදා ඒ ලෝන් එක ගත්තෙ..ඒ මනුස්සයා දන් නෑ අද වනතුරු මම සිංදුවක් කරලා කියලා. ලෝන් එක තාම ගෙවලා නෑ..... තාම ගෙවාගෙන යනවා!

මෑතක වැඩසටහනකට එක්වෙමින් මැණිකේ'ත මුල් අයිතිකරු කියූ කතාවයි ඒ..

මේ කතාවෙන් පස්සෙ බොහෝ දෙනෙක් යොහානි එදිරි බොහෝමයක් ප්‍රතිචාර දක්වා ඇති අයුරුත් අපට නිරීක්ෂණය වුණා.

තමන්ට එරෙහි විරෝධය ගැන පසුගිය සතියේ වැඩසටහනකට එක්වෙමින් යොහානි සිය අදහස් දක්වා තිබුනේ මේ විදිහටයි. එදා විරෝධය තාම තියනවා. අනුන්ගේ සිංදු කියනවැයි කියලා බනිනවා.

ඇයි දන් නෑ එහෙම කියන්නෙ. මොකද ගොඩක් රටවල එහෙම කරනවා. මම ඉන්දියා ගියාම මට ගෙවලා එහෙම ක‍ළා.

මම එහෙම සිංදු දෙක තුනක් කිවුවා.... බනින හේතුවක් නම් දන් නෑ.....' කවර් එකක් කරපු එකක් ආපහු කියන්නම එපා කියලා තියනවද???'

කියලා අහපු ප්‍රශ්නයට යොහානි දුන්නෙ මෙහෙම උත්තරයක්. ඔව්.... ඇවිත් තියනවා, ඒක හැමෝම දන්නවා. මම නම් කියන්නෙ ඒක අපරාධයක්.

මං නම් කියන්නෙ මගේ සිංදු නම් මගේ අයිතිය නම් මම කියන්නෙ ඒක ඕනි කෙනෙක්ට කියන්න පුළුවන්.'

GalleryGalleryGalleryGalleryGallery