බොලිවුඩයේ සුරූපී නිරුපණ ශිල්පිනිය එක්ක අපේ Yohani එකතු වෙලා කරපු අපූරූ නර්තනය - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝ පට මෙන්න (VIDEO)

Manike mage hithe Yohan Shaira Ahmed Khan Ahmad Khan Gosiip
By Sewvandhi Oct 13, 2021 03:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report
165 Shares

අහමඩ් ඛාන්... ඒ නම ඔබ දන්නවද ? හොඳයි එයා ගැන කියනවා නම් එයා ඉන්දියානු සිනමාවේ කවුරුත් දන්න අඳුනන චරිතයක්. අධ්‍යක්ෂකවරයෙක්, ලේඛකයෙක්, රංගන ශිල්පියෙක් වන ඔහු චිත්‍රපට තිර රචකයෙක් ලෙසත් දක්ෂතා දක්වන අයෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ Shaira Ahmed Khan.

නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන ඇය සුරූපි රුවකට හිමිකම් කියනවා. හොඳයි මේ දෙන්නාගේ කතාවේ මෙතන කියන්නම ඕනි වුනේ ඊයේ දවසේ ඉන්දියානු සංචාරයෙන් අනතුරුව ආපහු අපේ රටට ආපු අපේ කෙල්ල යොහානි නිසයි. යොහානි බොලිවුඩයේ දැවැන්ත චරිත ඉන්දියාවේදී මුණ ගැහුණු බව අපි කවුරුත් දන්නවා.

ඒ අතර සුරූපී ජැක්ලිනුත් ඉන්නවා. Shaira Ahmed Khan කියන මේ සුරූපී නිරූපණ ශිල්පිනියවත් යොහානිව මුණ ගැහෙන්න ඇවිත්. ඈට අනුව යොහානිට තියෙන්නේ "කූල් වොයිස්" එකක්. යොහානි මේ අපූරූ වීඩියෝ පට ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමට එකතු කරලා තිබුණා.

එම වීඩියෝ පහතින් බලන්න..

 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now