යෝෂිතගේ නඩුව උණුසුම් වෙයි - සාක්ෂි දෙන්න යසාරා අබේනායකත් උසාවියට

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට විරුද්ධව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් අද (09) දින යසාරා අබේනායක කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇත.

ඒ අනුව මෙම නඩුව අද (09) දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවීය.

එහිදි පැමිණිල්ල සඳහා සාක්ෂි ලබාදීමට අධිකරණය නිකුත් කළ සිතාසි නියෝග මත සාක්ෂිකරුවන් හයදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඒ අනුව යසාරා අබේනායක , වසන්ත ජයසුරිය, එඩ්නා ලුෂන් රත්නායක, ඇතුළු හතර දෙනෙක් සාක්ෂි ලබා දී ඇත.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මහාධිකරණයෙන් නියෝගයක් - එක්කෝ කෝටියක් නැත්තම් වසර 9ක සිර දඬුවමක්

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට මහාධිකරණයෙන් නියෝගයක් - එක්කෝ කෝටියක් නැත්තම් වසර 9ක සිර දඬුවමක්

එමෙන්ම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි 17 වැනි දින තෙක් කල් දැමු අතර තවත් සාක්ෂිකරුවන් 13 දෙනෙකුට එළැඹෙන දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් විනිසුරුවරයා නියෝග කර සිතාසි නිකුත් ක‍ර තිබෙනස්වා.

මේ අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ රජයේ අධිනීතිඥ ඔ ස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා සාක්ෂි මෙහෙයවනු ලැබූ අතර විත්තිකරු සඳහා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි බව වාර්තා වේ.

මෙම නඩුව රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ආකාරයට අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට විරුද්ධව ගොනුකර ඇත.

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්