මව් පිය සෙනෙහසින් අනාගතය තැනූ ගුරු පියුම්වලට උපහාර - අද ලෝක ගුරු දිනයයි
By Kanchana
ලොව පුරා සිටින සියලුම ගුරුවරුන් සැමරීම සඳහා වන ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබෙනවා.
එය සෑම වසරකම ඔක්තෝබර් 05 වැනි දින පවත්වන අතර 1994 දී එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය වන යුනෙස්කෝව (UNESCO) ගෝලීයව ලෝක ගුරු දිනය සැමරීමට ඔක්තෝබර් 5 වෙනිදා යොදාගෙන තිබෙනවා .
ගුරුවරයාගේ සිය ගෞරවාන්විත සේවාව හේතුවෙන් සමාජයේ වන්දනීයත්වයටද පත්වන එකම තැනැත්තාද ගුරුවරයා වෙනවා
අද දිනට යෙදී ඇති ලෝක ගුරු දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය ඔක්තෝබර් 06 එනම් හෙට (06) දින සමරනු ලබයි.
පරපුරක සිහින යාත්‍රා තොටුපලට යවා හරහා
මව් සෙනෙහෙන් පිය සෙනෙහෙන් පාර කියා දුන්
ගුරු පාද පියුම් සුවදයි
ඉතිං අ යනු ආයනු සිට ජීවිතේ සෙනෙහසින් ආදරෙන් ජීවිතයත් කියාදෙන සියළු ගුරුවරුන්ට උපහාරයක් වේවා.