පාසල් 500ක් වැසීමේ අවදානමක - සිසුන් සහ පොලිසිය අතර කැරලි - ප්‍රංශය ඇවිලෙයි

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රංශය පුරා සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් අද (05) දිනයේදී එරට උසස් පාසල් 500කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවනු ඇති බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍‍ය එඩුවාඩ් ගෙෆ්රේ (Édouard Geffray) පැවසූ බවයි.

සුදුසු ආරක්ෂක තත්ත්වයන් නොමැති වීම හේතුවෙන් පාසල් 400ත් 500ත් අතර සංඛ්‍යාවක අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් අත්හිටුවීමට සිදුවන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

එමෙන්ම විරෝධතා ආරම්භ වූ තැන් පටන් මේ දක්වා පාසල් 24ක් ගිනි තබා හෝ දේපළවලට හානි සිදුකර ඇති බවද අමාත්‍යවරයා පවසා ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු, ගුරුවරුන්ගේ හිඟය, පන්ති කාමරවල අධික තදබදය සහ ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව පසුගිය සතියේ පැරිස් නුවරින් ආරම්භ වූ මෙම ශිෂ්‍ය විරෝධතා මේ වන විට මොන්ට්පෙලියර් (Montpellier), නාන්ටෙස් (Nantes) සහ මාර්සෙයි (Marseille) ඇතුළු අනෙකුත් ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත වී ඇත.

ප්‍රංශ අධිකරණ අමාත්‍ය ජෙරල්ඩ් ඩාර්මනින් (Gérald Darmanin) ප්‍රකාශ කළේ එරට පවතින පාසල් 3,700 අතුරින් පාසල් 735කට මෙම violent විරෝධතාවල බලපෑම එල්ල වී ඇති බවයි.

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

"පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසික් වුණා" හිටිහැටියේම සීඝ්‍රගාමී දුම්රිය පීලි පනී

කෙසේ වෙතත්, අද දිනයේදී පන්ති කාමර කටයුතු අදියරෙන් අදියර යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු චෝදනා කළේ, මෙම සිසු විරෝධතාවලට අන්ත වාමාංශික ක්‍රියාකාරීන් පිරිසක් රිංගාගෙන ශිෂ්‍ය ව්‍යාපාරය තම ග්‍රහණයට ගනිමින් මෙලෙස දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවයි.