මේ තුන්දෙනාව දැක්කද? දැක්කොත් වහාම පොලිසියට දැනුම්දෙන්න - මහජනතාවට විශේෂ දැනුම්දීමක්
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව අවශ්‍ය කර සිටින සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
පොලිසියට අවශ්‍යව ඇත්තේ, ගල්කිස්ස, ඔබේසේකර පෙදෙස, 04 වන අදියර, අංක 12 ලිපිනයේ පදිංචි 27 හැවිරිදි රාජපක්ෂ පතිරනගේ නිමාලී සෙව්වන්දි (ජා.හැ.අංකය: 1999880503210), ගල්කිස්ස, ඔබේසේකර පෙදෙස, 04 වන අදියර, අංක 16 ලිපිනයේ පදිංචි 31 හැවිරිදි බද්දේගම පතිරනගේ විරාජ් නිමන්ත (ජා.හැ.අංකය: 199532800493) සහ 22 හැවිරිදි රාජපක්ෂ පතිරනගේ තරිඳු ජීවන්ත (ජා.හැ.අංකය: 200430904977) යන තිදෙනායි.
සැකකාරියගේ සහ සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
මෙම තිදෙනා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගේ 071-8592167 දුරකථන අංකයට හෝ එහි ස්ථානාධිපතිවරයාගේ 071-8596066 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
