අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට කැමති අයට විශේෂ මගපෙන්වීමක් - ව්‍යාජ ප්‍රචාරවලට නොරැවටෙන්න

Report

මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා ඖෂධ හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සඳහා කිසිදු මහජන ආයාචනයක්, දැන්වීමක්, නිවේදනයක් හෝ ඉල්ලීමක් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් රෝහල සදහන් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වෙන්නේ මේ සම්බන්ධයෙන්, NCISL ආයතනය එහි නිල වෙබ් අඩවිය, සමාජ මාධ්‍ය, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය හෝ වෙනත් කිසිදු පොදු වේදිකාවක් හරහා දැන්වීම් පළ කර නොමැති බවයි .

කෙසේ වෙතත්, රෝගී සත්කාර සඳහා අවශ්‍ය ඖෂධ, උපකරණ, පරිභෝජන ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කරන පුද්ගලයන් සහ සංවිධාන සඳහා එවැනි දේ සිදු කිරීමට හැකි බවද එම නිවේදනයේ සඳහන් වී ඇත.

එවැනි අවස්ථාවන්හිදී, පරිත්‍යාගශීලියාගේ ඉල්ලීමේ ස්වභාවය අනුව, එවැනි පරිත්‍යාග පිළිගැනීම සඳහා අනුගමනය කළ යුතු අවශ්‍යතා, පිරිවිතර, නියාමන අවශ්‍යතා සහ ක්‍රියා පටිපාටි පිළිබඳව රෝහල අදාළ පරිත්‍යාගශීලියාට සුදුසු මග පෙන්වීමක් ලබා දෙනු ලබයි

තවද එවැනි විමසීමකට ප්‍රතිචාර වශයෙන් පරිත්‍යාගශීලියෙකුට ලබා දෙන ඕනෑම තොරතුරක්, NCISL විසින් පරිත්‍යාග සඳහා කරන ලද මහජන ඉල්ලීමක් හෝ අභියාචනයක් ලෙස නොසැලකිය යුතු බවද වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වී තිබේ        

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායකගේ වැඩිමහල් පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු කොළඹ නගරාධිපතිනි රොසි සේනානායකගේ වැඩිමහල් පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි