12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ
පිලිපීනයේ මැනිලා නුවර පැවැති 12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින – 2026 (Mrs Tourism World – 2026) තරගාවලියේ ප්‍රධාන කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත් වී තිබේ.
ඊට අමතරව තරගාවලිය පුරා පැවැති අනු තරග රැසක ජයග්‍රහණය ද හිමිකර ගැනීමට ඇය සමත්වූවාය. ලොව ප්‍රධාන රටවල් 20 ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්විණි.
තරගාවලිය සඳහා ඇය සමග සහභාගී වූ ඇගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා, හොඳම සහායක සැමියාට හිමි "Best Supporting Husband" සම්මානයෙන් පිදුම් ලැබීය. ජයග්‍රාහී නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මලිත් ගිහාන් විතාන මහතා සිංගප්පූරු ගුවන් සේවයේ SQ-468 දරන ගුවන් යානයෙන් අද (05) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සඳහා ජාතික අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් සහ සමීපතම ඥාතීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.