චීනය ලොව දිගම අධිවේගී උමං මාර්ගය විවෘත කරයි
චීනය ලොව දිගම අධිවේගී උමං මාර්ගය විවෘත කර ඇත.
එය කිලෝමීටර් 22.13ක දිගින් යුක්ත වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.
මෙම උමං මාර්ගය චීනයේ ටියැන්ෂාන් කඳු හරහා ගමන් කරයි.
තවද මෙම මාර්ගය මගින් පැය කිහිපයක ගමන් කාලය මිනිත්තු 20 දක්වා අවම කළ හැකි බව වාර්තා වේ.
මෙය ජී 0711 උරුම්කි නගරයේ සිට යූලි දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ කොටසක් ය .