ලෝක රූ රැජිනටත් කොරෝනා වෙන් රතු එළියක්...සියලු සිහින බොඳ කරමින් වුණු දේ මෙන්න.

Sri Lanka Indian Gossips American World queen
By Aruna Dec 17, 2021 09:29 AM GMT
Aruna

Aruna

Report

2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයෝ තීරණය කළහ. ඊට හේතු වූයේ රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් වුණු සුරූපිනිය මනාසා වරණාසි ඇතුළු 17 තරගාවලියට සම්බන්ධ දෙනකු 'කොවිඩ් 19' ආසාදිතයන් බව තහවුරු වූ බැවිනි.

තරගාවලිය හදිසියේ අත්හිටුවීම සිදුවූයේ එය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.

මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ බ්‍රසීලයේ පුවර්ටෝ රීකෝ නුවර හෝසේ මිගුවෙල් රඟහලේය.

තරගාවලියේ සංවිධායකයන් ඉන්ස්ටග්‍රෑම් හරහා පවසා තිබෙන්නේ ඉදිරි දින 90 ඇතුළත තරගාවලිය පැවැත්වීමට කටයුතු කරන බවය.

මේ අතර, 'කොවිඩ් 19' ආසාදිතයකු වූ ඉන්දීය සුරූපිනිය නිරෝධානයට යොමු කළ බවත්, ඇයට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝක රූ රැජින කිරුළ සඳහා මනාසා වරණාසි ඉදිරිපත් වන්නේ ඇය 2020 ඉන්දීය රූ රැජින කිරුළ දිනා ගැනීමෙන් පසුවය.

(රොයිටර්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery