රුසියන් ප්‍රහාරයකින් යුක්‍රේනයේදි ඉන්දියන් සිසුවෙක් මෙලොවින් සමුගනි...
රුසියානු හමුදා තවදුරටත් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින නිසා කීව් අගනුවර සිටින තම වැසියන්ට වහාම ඉවත්වන ලෙස ඉන්දියාව දැනුම් දෙනවා.
අද දිනයේම මෙලෙස දුම්රිය හෝ කුමන හෝ ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කර අගනුවරින් ඉවත්වන ලෙස යි යුක්රේනයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ.
16,000ක් පමණ ඉන්දීය සිසුන් සහ වැසියන් පිරිසක් යුක්රේනයේ රැඳී සිටින අතර, ඔවුන් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ පණිවුඩවල දැක්වෙන්නේ, බහුතරයක් භූගත බංකර සහ උමං දුම්රිය මාර්ගවල රැඳී සිටින බවයි.
මේ වනවිට 8,000ක පමණ ඉන්දීය ජාතිකයන් පිරිසක් යුක්රේනයෙන් පිටත් ව ගොස් ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.
මේ අතර, අද (01) පස්වරුවේ යුක්‍රේනයේ කාර්කිව් නුවරට එල්ල වූ ප්‍රහාරයකින් ඉන්දීය ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ප්‍රහාරය රුසියානු හමුදාව විසිනුයි එල්ල කර ඇත්තේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |