වසර අවසාන උත්සව සමය ගැන ධනාත්මක බලාපොරොත්තුවක් සමඟින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අලුත් වාර්තාවක්
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, ඉකුත් මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වුව ද නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරමින් 2026 වසරේ අගෝස්තු මාසයේ දී දර්ශකාංක 𝟓𝟑.𝟎ක අගයක් වාර්තා කර ඇති බව සඳහන්.
ඒ අනුව නව ඇණවුම් කඩඉම් මට්ටමේ ම පැවති අතර, ප්‍රධාන ලෙස රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ වර්ධනයන් නිසා නිෂ්පාදන දර්ශකය මන්දගාමී වූ බව මහබැංකු දත්ත වාර්තා පෙන්වා දෙන බව සඳහන්.
එසේම අඛණ්ඩ සේවක බඳවා ගැනීම් සහ ක්‍රමික තොග රැස්කර ගැනීම් පිළිබිඹු කරමින් සේවා නියුක්තිය සහ තොග මිල දී ගැනුම් දර්ශක ද වර්ධනය වී ඇති බව වාර්තා වේ.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
තවද මහබැංකුව සඳහන් කර ඇත්තේ ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය තවදුරටත් ඉහළ ගිය අතර එමඟින් පවතින සැපයුම් බාධා පිළිබිඹු කෙරෙන බවයි.
එමෙන්ම නුදුරු කාලීන අභියෝග පැවතිය ද වසර අවසාන උත්සව සමය නිසා නිෂ්පාදන අංශයේ ඉදිරි අපේක්ෂා තවදුරටත් ධනාත්මක මට්ටමක පවතින බව මහබැංකුව වැඩිදුරත් සිය දත්ත වාර්තා හරහා පෙන්වා දෙන බව සඳහන්.